ෂෙහාන් ජයසුරිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

January 8, 2021 at 4:32 PM

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ෂෙහාන් ජයසුරිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එක්දින සහ විස්සයි 20 තරග සඳහා ක්‍රීඩා කරනු ලබන ෂෙහාන් ජයසුරිය සිය සමුගැනීම ගැන සඳහන් කරමින් කියා සිටියේ තමන් පවුලේ සාමාජිකයින් සමග අමෙරිකා එක්සත් ජනපදයේ ස්ථිර පදිංචියට යන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා පිල නියෝජනය කිරිමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ෂෙහාන් ජයසුරිය සිය කෘතඥතාවය පුදකර සිටියා.

වාර්තා වන පරිදි අමෙරිකානු ක්‍රිකට් ජාතික කණ්ඩායම සමග ෂෙහාන් ජයසුරිය එක්වීමට නියමිතව ඇත.