කුසල් මෙන්ඩිස් එංගලන්ත තරගාවලියට කැඳවනවාද ? නායක දිමුත් පිළිතුරු දෙයි (VIDEO)

January 5, 2021 at 7:03 PM

එළඹෙන එංගලන්ත තරග සංචාරය සඳහා එක්වෙන ශ්‍රී ලංකා සංචිතය අද දිනයේදී නම් කිරීමට නියමිත බව නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කර සිටිනවා.

දකුණු අප්‍රිකානු තරග සංචාරයේ දී අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් එළඹෙන එංගලන්ත තරග සංචාරය සඳහා සංචිතයට කැඳවනවාද යන්න ගැන කණ්ඩායමේ කළමණාකාරිත්වය සහ පුහුණුකරුවන් සමග අද දින සාකච්ජා කොට අවසන් තීරණයක් ගන්නා බවයි නායක දිමුත් කරුණාරත්න වැඩිදුරටත් සඳහන් කළේ.