පදික මාරුවේදී සිදුවූ රිය අනතුර – සිසුවියට බරපතල තුවාල (VIDEO)

January 1, 2021 at 12:33 PM

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රදේශයේ, පදික මාරුවක් හරහා ගමන් කරමින් සිටි දැරියක් ත්‍රිරෝද රථයක ගැටී බරපතළ තුවාල ලබා තිබේ. ඊයේ (31) සවස 4ට පමණ එම අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලබා ඇත්තේ කොටගල ස්ටොනික්ලිප් වතුයායේ පදිංචි 10 වන ශ්‍රේණියේ අධ්‍යාපන ලබමින් සිටින පාසල් සිසුවියකි.

අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථය පාසල් දැරියගේ ගැටී ඇය අඩි කිහිපයක් ඉදිරියට ඇදී ගොස් තිබේ.

පසුව බරපතළ තුවාල ලැබු දැරිය දික්ඔය මුලික රෝහල වෙත ඉදිරිපත් කර ඇති අතර, ත්‍රිරෝද රථ රියදුරු කොටගල නගරයේ ව්‍යාපාරිකයින් විසින් අල්ලා දිඹුල පොලීසියට බාර දී තිබේ.

පසුව අත්අඩංගුවට ගත් රියදුරු අද (01) දිනයේ නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අනතුර සිදුවන අයුරු අසල තිබු සීසීටීවි කැමරාවක මෙලෙස සනිටුහන් විය.