කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශය සහ කල්මුනේ පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 11ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දී සිටිනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඊයේ දිනයේ කාත්තණ්කුඩි ප්‍රදේශයේ පුද්ගලයින් 600 දෙනෙකු පමණ ඇන්ටිජන් පරීක්ෂණවලට ලක් කර, ඉන් 24 දෙනෙකු කොවිඞ් ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති බවයි.
මේ අතර රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේ ද ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දී සිටිනවා.
