එක් දවසක් හෝ බතික් අදින්නැයි ඇමති දයාසිරි ගෙන් ඉල්ලීමක්

December 29, 2020 at 9:02 AM

2021 වර්ෂයේදී සතියේ එක් දිනක් දේශීයව නිෂ්පාදනය කරන ඇඟලුම් භාවිත කරමින් සේවයට වාර්තා කරන ලෙස බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

දේශීය ඇඟලුම් නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම, දේශීය ඇඟලුම් ක්ෂේත්‍රයේ නව රැකියා උත්පාදනය සහ ඇඟලුම් සඳහා වාර්ෂිකව විදේශයන්ට යන දේශීය විනිමය නතර කර ගැනීම අපේක්ෂාවෙන් මෙම ඉල්ලීම සිදුකරන බව රාජ්‍ය ඇමැතිවරයා පවසනවා.

ඒ අනුව රාජ්‍ය සේවයේ යෙදෙන මිලියන තුනකට ආසන්න සියලුදෙනාගේ සහය මේ සඳහා ලබාදෙන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා.

( අරුණ පුවත්පත )