73 වන නිදහස් දින උත්සවස සැමරුම් පෙළපාලියට ආරක්ෂක අංශ සාමාජිකයින් අට දහසක්

December 23, 2020 at 2:31 PM

“ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මව්බිමක්“ යන තේමව යටතේ 73 වන ජාතික නිදහස් දින සැමරුම අභිමානවත්ව පැවැත් වීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්ෂක, ස්වදේශකටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කර සිටිනවා. ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ පැවති ජාතික නිදහස් සැමරුම් උත්සවය පිළිබදව ප්‍රගති සමාලෝචන රැස්වීමේ දීය.

73 වන ජාතික නිදහස් දින සැමරුම කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ග උපදේශන වලට අනුකූලව පැවැත්වීමට මෙහි දී විශේෂයෙන් තීරණය විය.

මෙවර නිදහස් දින සැමරුම් පෙළපාලිය, යුද හමුදා නිලධාරීන් 4325, නාවික හමුදා නිලධාරීන් 868, ගුවන් හමුදා නිලධාරීන් 945,පොලිස් නිලධාරීන් 1382, සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 515 ක් හා ශිෂ්‍ය භටයින් 355කින් සමන්විත වේ.

සියලු ජාතීන් නියෝජනයකරමින් සාම්ප්‍රදායික සංස්කෘතික අංගවලට මුල්තැන දෙමින් ජාතික නිදහස් සැමරුම 2021 පෙබරවාරී 04 වන දින නිදස් චතුරශ්‍රෙය් දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

73 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව දිවයින පුරා රුක්රෝපණ වැඩසටහනක් ද ක්‍රියාත්මකකිරීමට තීරණය කර ඇත.

රාජ්‍ය ආරක්ෂක, ස්වදේශකටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ ගේ උපදෙස් පරිදි පැවති මෙම 73 වන ජාතික නිදහස් දින සැමරුම් ප්‍රගති සමාලෝචන රැස්වීම සදහා ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිතුමා ඇතුලු ආරක්ෂක අංශයේ උසස් නිලධාරීන්, අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු වල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවතියා.