විශ්වවිද්‍යාල සිසුන්ගේ පෙත්සම නිෂ්ප්‍රභා කෙරේ

December 23, 2020 at 12:21 PM

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පසුගියදා නිකුත් කළ කඩයිම් ලකුණු අනුව ඉංජිනේරු සහ භෞතික විද්‍යා පීඨවලට සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොණු කළ මූළික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නො‍ගෙන නිෂ්ප්‍රභ කෙරුණා. ඒ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවකට අනුවයි.

බුවනෙක අලුවිහාරේ, එස්.තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පසුගිය දින තුනක් තිස්සේ සිදු කිරීමෙන් අනතුරුවයි අද (23) තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ.

තමන් ගණිතය රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව යන විෂයන් යටතේ පසුගිය වසරේ උසස්පෙල විභාගයට නව නිර්දේශ යටතේ පෙනී සිට සමත් වූ බව පෙත්සම්කරුවන් කියා සිටියා. එහෙත් විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සදහා පසුගියදා ප්‍රකාශයට පත් කළ ඉසඩ් ලකුණුවලට අනුව පැරණි සහ නව නිර්දේශ අතර විශාල පරතරයක් ඇති බව ඔවුන් පෙන්වා දී තිබුණා.

තීන්දුව ප්‍රකායට පත් කරමින් සභාපති විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා කියා සිටියේ බහුතර විනිසුරුවරුන්ගේ එකගතාව මත මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළ බවයි.