කොවිඩ් හේතුවෙන් මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරූ භූමදානයට අවසර ඉල්ලා සමගි ජනබල වේගය නිහඩ විරෝධතායක

December 23, 2020 at 1:24 PM

කොරෝනා ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් බොරැල්ල සුසාන භූමිය ඉදිරිපිටදී අද පෙරවරුවේ නිහඬ විරෝධතාවයන් දෙකක් සංවිධානය කර තිබුණා.

ඉන් එක් විරෝධතාවක් සමගි ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ අතර, ඔවුන් ප්‍රකාශ කළේ කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භුමදානය කිරීමට රජය කඩිනමින් අවසර ලබා දිය යුතු බවයි.

මේ, එම නිහඬ විරෝධතාවයෙන් පසුව මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, කබීර් හෂීම් සහ මනෝ ගනේෂන් අදහස් දක්වා සිටියා.

මේ අතර භූමදානයට අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී යළි රැස්වුණා. කෙසේ වෙතත්, එහිදී ගනු ලැබූ තීරණය පිළිබද මෙතෙක් නිළ නිවේදනයක් නිකුත් කර නැහැ.