කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මළ සිරුර ආදාහනය කිරීමට උපදෙස්

December 23, 2020 at 4:09 PM

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත්කොට ඇති කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ අවසන් කටයුතු කිරිම සම්බන්දව උපදෙස් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අසේල ගුණවර්ධන විසින් ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා වෙත උපදෙස් ලබාදී ඇත.

පසුගිය 19 වැනිදා ගාල්ල, දේද්දුගොඩ ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු මියගිය අතර මරණ පරීක්ෂණයේ දී සිදුකළ PCR පරික්ෂණයේ දි ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බව තහවුරු වි තිබුණා.

එම මරණය සම්බන්ධව හදිසි මරණ පරික්ෂණය පැවැත්වු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩ බලන හදිසි මරණ පරික්ෂක චන්දුසේන ලොකුගේ විසින් මියගිය තිදරු පියාගේ දේහය නිරෝධායන නිතිය ටතේ රජයේ නියමයන්ට අනුකුලව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ දී අදාහනය කිරීමට නියෝග කොට තිබුණා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ගේ උපදෙස් ලබාගෙන එම උපදෙස් පරිදි ක්‍රියා කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය විසින් ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට නියෝග කරනු ලැබුවා.

ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා විසින් මේ සම්බන්දව උපදෙස් පතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා දැනුවත් කිරිමට කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව “ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නියෝගයට අනුව කොවිඩ් 19 මෘතදේහය සම්බන්දයෙන් මා විසින් මිට ඉහතදි නිකුත් කරණ ලද චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කළයුතු බවත් එම උපදෙස් පිළිබදව ගරු මහේස්ත්‍රාත් තුමිය දැනුවත් කොට අවශ්‍ය කටයුතු සිදුකරණ ලෙස” සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් සිය ලිපිය මගින් ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාට දැනුම් දි ඇත.