මත්තලින් හරවා එවූ බොරැල්ල වන්දනා නඩයේ කොවිඩ් ආසාදිතයින් 04ක්

December 22, 2020 at 7:13 AM

හුදෙකලා කළ ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ද සහභාගී කරගනිමින් පසුගියදා කතරගම වන්දනාවේ යමින් සිටියදී මත්තල අධිවේගී පිවිසුම් මාර්ගයෙන් ආපසු හරවා එවූ වන්දනා නඩයේ සිටි පුද්ගලයින් සිව්දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගෙන තිබෙනවා.

මෙම වන්දනා නඩයේ පුද්ගලයින් 49 දෙනෙකු සිට ඇත.

මෙලෙස කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇත්තේ බොරැල්ල, ලෙස්ලි රණගල මාවත, ස්ර්පන්ටයින් පාර හා මැගසින් පාර ප්‍රදේශයන් හි පදිංචිකරුවන් බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙම වන්දනා ගමන සංවිධානය කොට තිබු අතර වන්දනා ගමන සඳහා යොදා ගත් සුඛෝපභෝගී බස් රථය දිනකට රු.50,000ක මුදලක් කුලියට ලබා ගෙන ඇති බවට පොලිසිය කරුණු අනාවරණය කර ගෙන ඇත.