සංචාරකයින් රැගෙන එන ගුවන් යානා වලට සහනයක් : සංචාරකයින් රැගෙන ඒමේ නියමු ව්‍යාපෘතිය ජනවාරි 19 දක්වා ක්‍රියාත්මකයි

December 22, 2020 at 10:02 AM

2020 දෙසැම්බර් මස 26 සිට ජනවාරි මස 19 වෙනිදා දක්වා කාලය තුලදී විදේශ ගුවන් සේවා මෙරටට ගොඩබෑමේ සහ නවතා තැබීමේ ගාස්තු අය කිරීම අත්හිටුවීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

සංචාරකයින් යලි ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා සංචාරක අමාත්‍යවරයා විසින් නියම ව්‍යාපෘතියක් ලෙස දෙසැම්බර් මස 26 වෙනිදා සිට ජනවාරි මස 19 වෙනිදා දක්වා සිදුකිරීමට බලාපොරොත්තු වන බව පවසමින් ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අවසරය හිමිව ඇත.

මෙම නියම ව්‍යාපෘතිය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය යටතේ සිදුකරනු ලබන බවයි අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙමින් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ.