විදේශයන්හි සිට මෙරටට ගෙන්වා ගැනීම පැරණි ක්‍රමවේදයටම : නව කොරෝනා ප්‍රභේදය ගැන රජයේ අවධානය

December 22, 2020 at 6:51 PM

ඇතැම් රටවල වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් සොයා ගැනීමත් සමඟ මෙරටට පැමිණෙන සියලුම පුද්ගලයින් විදේශ අමාත්‍යාංශයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ පූර්ව අනුමැතිය ලබා ගැනීම යටතේ පැමිණීමේ ක්‍රමවේදයට අනුව සිදුකිරීමට තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

වත්මන් තත්ත්වය ඇගයීමෙන් පසු නැවත මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් වන සංශෝධිත මාර්ගෝපදේශ නිකුත් කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.