බස්නාහිර පළාතේ පිටවීම් ස්ථාන 11ක හෙට සිට ඇන්ටිජන් පරීක්ෂණ

December 22, 2020 at 4:23 PM

බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත් සඳහා පිටවීමේ ස්ථාන 11ක් ආවරණය වන පරිදි හෙට දිනයේ සිට අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටිනවා.

ඒ අනුව බස් රථ සහ දුම්රියන් ඉලක්ක කර ගනිමින් අහඹු ලෙස මෙම රැපිඩ් අන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා මේ දක්වා සිදුකර ඇති ඇන්ටිජන් පරීක්ෂණ මගින් ආසාදිතයින් 11 දෙනෙක් හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.