පළාත් 09 සඳහා වහාම සංචරණ සීමා පනවන්න – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්

December 22, 2020 at 1:36 PM

දිවයිනේ සියලුම පළාත් 09 සඳහා වහාම සංචරණ සීමා පැනවීමටකටයුතු කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් සිදුකර සිටිනවා.

ඩේලි මිරර් පුවත්පතට අනුව, කොරොන වයිරස් වසංගතය සැලකිල්ලට ගෙන දැනට එවැනි පූර්වාරක්ෂක ක්‍රියා මාර්ගයක් නොගත හොත්, ජනවාරි මාසයේ දී එහි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවා තිබේ.

නත්තල් උත්සවය සඳහා විවිධ ප්‍රදේශවල සංවිධානය කර ඇති මහා පරිමාණ සාද පිළිබඳ වාර්තා තමන්ට තොරතුරු ලැබී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කර සිටින්නේ.

නිරෝධායන හා වැළැක්වීමේ ආඥා පනත යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරන්නන්ට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට බලය පවරා ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.