ඇමෙරිකානු ප්ෆයිසර් එන්නත අපේ රටට ප්‍රායෝගික නැහැ. ඇමති සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ කියයි.

December 21, 2020 at 10:55 AM

ඇමෙරිකානු ප්ෆයිසර් එන්නතට වඩා මෙරටට ගැලපෙන්නේ ඔක්ස්ෆර්ඩ් එන්නත බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

කටුනායක ගුවන් තොටුපලේ පීසීආර් පරීක්ෂණ තත්ත්වය පිලිබද විමසීමට පැමිණි අවස්ථාවේ ඇය මේ බව හෙළිකළාය.

ප්ෆයිසර් එන්නත ප්‍රවාහනය මෙන්ම  ගබඩා කිරීම සහ රටපුරා ජනතාවට ලබාදීම ප්‍රායෝගිකව ගැටළු සහගත වන්නේ ඒවා සෙල්සියස් අංශක -70 යටතේ ගබඩා කළයුතු බැවින් බව ඇය පැවසුවාය .

ලංකාව වැනි උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින රටකට ප්ෆයිසර් එන්නත නොගැලපෙන බව ඇය පැවසුවාය .

එබැවින් රජය සැලසුම් කරන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙරටට ගෙන්වීමට බව අමාත්‍යවරිය සඳහන් කළ අතර ඊට අවශ්‍ය අරමුදල් රජය සතු බවද පැවසුවා ය.