පෙර පාසැල් සහ ප්‍රාථමික අංශයේ අධ්‍යන කටයුතු ඇරඹෙන දිනය

December 21, 2020 at 11:08 AM

මේ වන විට වසා දමා තිබෙන පෙර පාසැල් සහ ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාත සහ හුදෙකලා කොට ඇති ප්‍රදේශ හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල පිහිටි පෙර පාසැල් සහ පාසල් වල ප්‍රාථමික අංශයේ අධ්‍යන කටයුතු ලබන ජනවාරි මස 11 වෙනිදා සිට ආරම්භ කෙරෙන බවයි අධ්‍යාපන ඇමති ජී.එල්. පිරිස් ප්‍රකාශ කර සිටින්නේ.