උත්සව සමයේ මත්පැන් අලෙවිසල් වසා දමන්න – GMOA රජයෙන් ඉල්ලයි

December 21, 2020 at 7:24 AM

මත්පැන් පානය කර වගකීම් විරහිත් අන්දමින් හැසිරෙන තැනින් තැන සංචරණය කරන පුද්ගලයින් නිසා කොවිඩ් වසංගතය පැතිර යෑමේ අවදානමෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා නත්තල් සහ අලුත් අවුරුදු සමයේ සියලු සුරාසැල් වසා දැමීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි රජයේ වෛද්‍ය සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් ගේ සංඛ්‍යාව සීයයට 65-70 ක ප්‍රමාණයක ප්‍රතිශතයක් පෙන්නුම් කරන අවස්ථාවේ මත්පැන් අලෙවිසල් විවෘත කිරීම හරහා ඇතිවිය හැකි අවදානම් සහගත සංචරණයන් නිසා 2021 වර්ෂය ආරම්භයේදී යලිත් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 80%ක මට්ටමට කොවිඩ් ආසාදිතයින් ගේ සංඛ්‍යාව ඉහළ යෑමට බෙහෙවින් ඉඩ ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් බස්නාහිර පළාතෙන් විශේෂයෙන් කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් අනපේක්ෂිත අන්දමේ කොවිඩ් පොකුරු බිහිවීම වැළැක්විය නොහැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.