අදින් ඇරඹෙන අවදානම් කාල සීමාව !

December 20, 2020 at 4:00 PM

සෑම වසරකම දෙසැම්බර් 20 සිට ලබන ජනවාරි 01දක්වා කාලසීමාව සාමාන්‍යයෙන් මෙරට අනතුරු බහුල කාලසීමාවක් වන බැවින් අද සිට අපරීක්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

ඒ සඳහා පොලීසියේ 9000ක් රාජකාරි වල යොදවා ඇතැයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා සඳහන් කළේය.

බීමත් රියදුරන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා අවශ්‍ය ශ්වසන පරීක්ෂණ කට්ටලද පොලිස් ස්ථාන වෙත ලබා දී තිබේ.

බීමත් රියදුරෙකුට වාහනයක් පැදවීමට ලබාදෙන යම් වාහන හිමිකරුවෙකු වෙත් නම් ඔහුද නීතිය අනුව වරදකරුවෙකු බව පොලිස්මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.