උත්සව සමයේ දරුවන් සමග සාප්පු සවාරි එපා!

December 20, 2020 at 2:55 PM

මෙම උත්සව සමයේ දරුවන් අනවශ්‍ය ලෙස උත්සව අවස්ථාවන් වලට සහ සාප්පු සවාරි වලට රැගෙන නොයන ලෙස රිජ්වේ ආර්‍යා ලමා රෝහලේ අධ්‍යක්ෂ ජී විජේසූරිය මහතා ඉල්ලීමක් කරනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරෙන ළමුන්ගෙන් සහ ඔවුන් සමග එන වැඩිහිටියන් ගෙන් වැඩි පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී පැමිණෙන අය බව ඔහු කියා සිටියා.

මේ වන විට කොරොනා වෛරසය ආසාදනය වූ ළමුන් 70 දෙනෙක් පමණ සොයා ගෙන ඇති බවත් ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා වෙනත් රෝහල් වෙත මාරු කර යැවූ බවද අධ්‍යක්ෂ වරයා පැවසුවා.

කෙසේවෙතත් ප්‍රතිකාර සඳහා ළමා රෝහලට පැමිණීමට කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙසත් දරුවෙකුට යම්කිසි රෝග ලක්ෂණයක් ඇත්නම් කඩිනමින් ළඟම ඇති රෝහලට ගොස් හෝ වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ඔහු වැඩිදුරටත් උපදෙස් ලබා දෙනවා.