අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 594ක් – මරණ 05ක්

December 20, 2020 at 11:03 PM

අද දිනයේදී කොවිඩ් -19 ආසාදිත මරණ 05ක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 176ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියි.

අද දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ අතර අවුරුදු 44ක් සහ 49ක් වයසැති පුද්ගලයින් දෙදෙනෙකු ද වනවා.

මේ අතර අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 594ක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. මේ වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්තිය ආරම්භ වූ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 33,590ක්.

ඒ අනුව අද දිනය අවසානය වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 37,261ක් වන අතර ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 28,267ක් වේ. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 8,818ක්.