හෙට සිට ප්‍රදේශ කිහිපයක් හුදෙකලා භාවයෙන් ඉවතට : බස්නාහිර ඇතුළු අවධානම් ප්‍රදේශවලට සංචාරණය සිමා පනවන්නැයි ඉල්ලීමක්

December 20, 2020 at 9:48 PM

හෙට උදෑසන 5.00 සිට වැල්ලම්පිටිය පොලිස් බලප්‍රදේශයේ සාලමුල්ල ග්‍රාම නිලධාරි වසම සහ වැල්ලවත්තේ කෝකිල පාර හුදෙකලා භාවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මීට අමතරව වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය ග්‍රාම නිලධාරි වසමේ නයිදුව ප්‍රදේශය, පෑලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාම නිලධාරි වසම, කිරිබත්ගොඩ පොලිස් වසමේ විලේගොඩ උතුර ග්‍රාම නිලධාරි වසම ද හුදෙකලා භාවයෙන් මුදා හැරෙන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

මේ අතර හෙට උදෑසන 5.00 සිට පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩ ගඟබඩ ග්‍රාම නිලධාරි වසමේ නෙල්ලිගහවත්ත සහ පුරණ කොටුවත්ත ප්‍රදේශය සහ කිරිබත්ගොඩ, විලේගොඩ උතුර ග්‍රාම නිලධාරි වසමේ ශ්‍රී ජයන්ති මාවත හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බවද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටිනවා.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් බස්නාහිර පළාතට සහ හඳුනාගත් අනෙකුත් අවදානම් ප‍්‍රදේශවලට දැඩි සංචරණ සීමා පැනවීමට රජය කටයුතු කළ යුතු බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.