මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් කෝටි 06 කට ආසන්න මුදලක් පොලිසියෙන් සොයා ගැනේ : වැටලීම ඉතිහාස ගත වෙයි

December 20, 2020 at 8:06 AM
මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා උපායා ගත් රුපියල් කෝටි 06 කට ආසන්න මුදලක් සොයා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ  සැකකාරියක් ඇතුළු තිදෙනෙක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගනු ලැබූ එක් සැකකරුවෙකු සතුව තිබී රුපියල් 59,051,821ක මුදලක් සොයා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට හැකිව තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයා ගෙන තිබිය දී මෙරට දී අත්අඩංගුවට ගත් විශාලතම මුදල මෙය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

කඩුවෙල, මාලබේ හා වැලිවිට යන ප්‍රදේශ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා ඔවුන් අතර සිදුවන ජාලගත මුදල් සංසරණය පිළිබඳ සොයා මෙම මෙහෙයුම සිදුකර ඇති බවත්  එම මෙහෙයුමෙන් කඩුවෙල, හේවාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්, තලංගම බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් හා 37 හැවිරිදි නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.