ජාත්‍යන්තර මාධ්‍යට පැටලුණු ධම්මික බණ්ඩාර

December 20, 2020 at 11:40 AM

කොරෝනාවට ඖෂධයක් සොයාගත් බවට ප්‍රකාශ කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමති කපු මහතා පිළිබඳව එක්සත් රාජධානියේ පුවත් සේවයක් වන ‘The Sun‘ වාර්තා කර තිබුණා.

දෙවි කෙනෙකුන් විසින් තමාට ලබා දුන් වට්ටෝරුවකට අනුව සකසන ලදැයි පවසන ඔහුගේ ඖෂධය ලබා ගැනීමට සෞඛ්‍ය උපදෙස් නොසලකමින් අති විශාල පිරිසක් ඔහුගේ නිවස අසල එක් රැස්ව සිටීම මෙම පුවතේදී හඳුන්වා දී තිබුණේ ‘දෙවියන්ගෙන් ලද විනාශය’ ලෙසයි.

කෙසේ නමුත් මෙම පුවත වෙනුවෙන් එම පුද්ගලයාගේ ඡායාරූපයක් වෙනුවට ප්‍රවීණ ගීත රචකයෙකු වන ධම්මික බණ්ඩාර මහතාගේ ඡායාරූපයක් යොදාගෙන තිබීම සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහට ලක් වි තිබෙනවා.