දකුණේ වහල් භාවය ගැන කියූ ටිවිට්ර් සටහනට මහේල දුන් පිළිතුර

December 19, 2020 at 5:55 PM

” මගේ රට ගොඩනඟා ගැනීම සඳහා වහලෙකු වීම ගැන මම සතුටු වන අතර එය කිසි විටෙකත් එය විනාශ කිරීමට වහලෙක් නොවෙමි” හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන තමන්ගේ ට්විටර් ගිණුමේ තබා තිබෙන පිළිතුරයි ඒ.

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ වත්මන් සභාපතිවරයා වන මහේල ජයවර්ධන, ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන් සඳහා ව්‍යුහයක් හා සැලැස්මක් නිර්මාණය කිරීම පිළිබඳව පැවැත්වූ ඉතා එලදායි රැස්වීමක් පිළිබඳව මිට පෙර ට්වීටර් සටහනක් තබා තිබුණා.

ජාතික ක්‍රීඩා සභාව විසින් 2021 වර්ෂය සඳහා වන යෝජිත අයවැය හා සැලැස්ම ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ඊයේ පැවති රැස්වීමකදී ඉදිරිපත් කර තිබුණා.

“ක්‍රීඩා සඳහා ව්‍යුහයක් හා සැලැස්මක් නිර්මාණය කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කිරීම පිළිබඳව ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින්ට ස්තූතිවන්ත වෙමි. අමාත්‍ය රාජපක්ෂ නාමල් රාජපක්ෂ සහ නිලධාරීන්ට උපදෙස් දීමට හැකිවූ බවත් එය බොහෝ එලදායී රැස්වීමක්” බව මහේලා ජයවර්ධන ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

කෙසේ වුවත් එම ට්විටර් සටහනට කිසියම් පුද්ගලයෙකු තබා තිබු පිළිතුරකට ප්‍රති උත්තරයක් වශයෙන් මහේල වැඩිදුරටත් සඳහන් කර සිටියේ ” මගේ රට ගොඩනඟා ගැනීම සඳහා වහලෙකු වීම ගැන මම සතුටු වන අතර එය කිසි විටෙකත් එය විනාශ කිරීමට වහලෙක් නොවෙමි” යනුවෙනි.