කොවිඩ් ආසාදිත මව්වරුන්ට දාව උපදින දරුවන් ගැන වෛද්‍යවරුන් සොයා ගත් දේ

December 19, 2020 at 12:07 PM

කොවිඩ් 19 වෛරසය ආසාදිත මව්වරුන්ට උපදින ළමයින් තුල එම වෛරසයට එරෙහි ප්‍රතිදේහ පවතින බව සිංගප්පූරුවේ සිදුකළ පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබුණේ කොවිඩ් ආසාදිත මව්වරුන්ට වෛරසය අහිතකර ලෙස බලපෑ හැකි බවයි.

කෙසේ නමුත්, මව්වරුන්ගෙන් උපදින ළමයින්ට වෛරසය හුවමාරු වන බවට සාක්ෂි ලැබී නැහැ.

සිංගප්පුරුවේ සිදුකළ පර්යේෂණයේදී අනාවරණ වී ඇත්තේ කොවිඩ් ආසාදිත ගර්භනි මව්වරුන් බිහිකල ළමයින් තුල එම වෛරසයට එරෙහි ප්‍රතිදේහ වර්ධනය වී පැවති බවයි. කෙසේ නමුත්, ඔවුන්ගේ තත්ත්වය තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව වෛද්‍යවරුන් සඳහන් කළා