ඉදුරුව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් දෙකකින් කොරෝනා ආසාදිතයින් 41ක්

December 19, 2020 at 1:59 PM

ගාල්ල, ඉදුරුව තුන්දුව නැගෙනහිර හා බටහිර යන ග්‍රාම නිලධාරි වසම්වලින් අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 41 දෙනෙකු වාර්තා වි ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

ඉකුත් 17 වෙනිදා තුන්දුව නැගෙනහිර හා බටහිර යන ග්‍රාම නිලධාරිවසම්වල සිදුකල PCR පරික්ෂණ 328ක් ආශ්‍රයෙන් පුද්ගලයින් 41 දෙනෙකුගේ පරික්ෂණවල ප්‍රථිපල අනුව ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවයි ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්ච් සඳහන් කර සිටින්නේ.

තුන්දුව නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමේ පවුල් 266 කින් පවුල් 59ක පුද්ගලයින්ට සහ තුන්දුව බටහිර ප්‍රදේශයේ පවුල් 285කින් ආසාදිත පවුල් සංඛ්‍යාව 04ක් බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කලේ.

ඉදුරුව, තුන්දුව ප්‍රදේශය ආශ්‍රිතව මේ වන විට කොරෝනා වෛරස ව්‍යාප්තියේ වර්ධනයක් පෙන්නුම් කරන බැවින් එම ප්‍රදේශයේ ජනතාව හැකිතාක් සංචාරණය සිමා කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී සිටිනවා.