අද දිනයේ කොවිඩ් ආසාදිත මරණ 06ක් – 39 හැවිරිදි කාන්තාවකුත් ඒ අතර

December 19, 2020 at 9:31 PM

‪අද දිනයේ කොවිඩ් ආසාදිත මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 171ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.‬

‪අද දිනයේ වාර්තා වූ මරණ අතර කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් ද වනවා.‬

මේ අතර අද දින වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 618ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 36,667ක් වන අතර සුවය ලබා ඇති පිරිස 27,552ක්. දැනට රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 8,950ක්.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 32,998ක්