නීතිපතිවරයාට කොරෝනා නැහැ

December 18, 2020 at 11:34 AM

වව්නියාවේ සංචාරක බංගලාවක් විවෘත කිරීමට සහභාගි වූ නීතිපති දප්පුල ද ලිවේරා ඇතුළු සියලුම නිලධාරින්ට කොරෝනා ආසාදනය වී නොමැති බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළා.

පසුගියදා, වව්නියාව ප්‍රදේශයේ සංචාරක බංගලාවක් විවෘත කිරීම සඳහා නීතිපතිවරයා ඇතුලු මෙම පිරිස සහභාගි වූ අතර, එම උත්සවයට සහභාගි වූ නීතිඥවරයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.

ඒ අනුවයි නීතිපතිවරයා ඇතුලු අදාළ පිරිසට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරනු ලැබුවේ.