බස්නාහිර පලාතෙන් පිටවන අයට අද සිට ඇන්ටිජන් පරීක්ෂණ

December 18, 2020 at 11:29 AM

අද සිට බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බව කොඩිව් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

යුද හමුදාපතිවරයා පැවසුවේ ඒ සඳහා ජංගම ඇන්ටිජන් පරීක්ෂක ස්ථාන යොදවා ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේ අවිස්සාවේල්ල පාරේ කොස්ගම – සාලාව, නුවර පාරේ නිට්ටඹුව සහ පුත්තලම පාරේ කටුනායක අවට ප්‍රදේශවල අද දිනයේ සිට මෙලෙස ඇන්ටිජන් පරීක්ෂණ කිරීමට නියමිතව ඇතී බවයි.

බස් රථ ඇතුළු අනෙකුත් ප්‍රවාහන මාධ්‍යන් මගින් බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් අහඹු ලෙස තෝරාගෙන මෙම පරීක්ෂණ සිදු කිරීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් එහිදී එක් පුද්ගලයෙකු හෝ කොවිඩ් ආසාදිත බවට තහවුරු අදාළ රථයේ සිටින සියලු දෙනා ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ මෙම අවස්ථාවේ බස්නාහිර පළාතෙන් පිටතට යාම අවම කරන්නේ නම් එය වඩාත් යහපත් බවයි.