මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයි 600කට ස්ථාන මාරු

December 18, 2020 at 10:47 AM

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 කට වඩා අධික ප්‍රමාණයකට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව එම දෙපාර්තමේතුවේ කොමසාරිස් ජනරාල් නීතිඥ සුමිත් අලහකෝන් ප්‍රකාශ කර සිටිනවා.

2020 වසරේ ජනවාරි මස 01 වෙනිදාට පෙර සේවයට බැදී සිටි සේවකයින් 600 කට අධික ප්‍රමාණයකට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කලේ.