මගේ නෝනාට කොරෝනා : මේ පැණිය දෙන්න – කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ නිවස ඉදිරිපිට අදත් විශාල ජනතාවක් (VIDEO)

December 18, 2020 at 8:52 PM

කොවිඩ් -19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ඖෂධයක් නිපදවු බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර නම් පුද්ගලයා ගෙන් එම ඖෂධය ලබා ගැනීම සඳහා අද දිනයේදී ද විශාල ජනතාවක් පැමිණ සිටි බවට වාර්තා වනවා.

මෙම ඖෂධය ලබාදීම මේ වන විට සම්පුර්ණයෙන්ම නතර කොට ඇති පසුබිමක එය ලබා දෙන ලෙස ඉල්ලා රැස්වී සිටි ජනතාව නැවත හරවා යැවීමට පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරනු ලැබුවා.

කෙසේ වුවත් මෙහිදී එක් පුද්ගලයෙක් කියා සිටියේ තම බිරිඳ කොවිඩ් ආසාදිතයෙක් බවත් තමන්ට මෙම ඖෂධය ලබා දෙන්නැයි ඉල්ලා විරෝධය පලකර සිටියේ මෙලෙසින්.