බස්නාහිර පළාතෙන් පිටවී යන්න ගිය 05කට කොරෝනා

December 18, 2020 at 5:49 PM

බස්නාහිර පලාතෙන් පිටව යන පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් අහඹු ලෙස සිදුකරනු ලැබූ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

එළෙඹෙන උත්සව සමය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමින් ගම්බිම් බලා යන පුද්ගලයින් අහඹු ලෙස තෝරා ගෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමේ ක්‍රියාවලියක් අද සිට ආරම්භ කෙරුණා. ඒ බස්නාහිර පළාතේ පිටවී යන මාර්ග 04ක් ආවරණය වන පරිද්දෙන්.

අද දිනයේ දී මෙලෙස පුද්ගලයින් 451ක් දෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් පුද්ගලයින් 05 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගත් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.