කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

December 18, 2020 at 12:53 PM

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (19) පෙරවරු 09.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ප්‍රධාන සම්ප්‍රේෂණ නල මාර්ගයක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවී ඇති බව එම මණ්ඩලය සඳහන් කර සිටින්නේ.

ඒ අනුව හෙට පෙරවරු 09.00 සිට 20 වන ඉරිදා අලුයම 03.00 දක්වා කොළඹ 01, 02,10 සහ 12 යන ප්‍රදේශවලට ජල සැපයුම් අත්හිටුවීමට නියමිතයි. මේ අතර අදාළ කාලය තුළ කොළඹ 03, 04, 07, 08 සහ 09 යන ප්‍රදේශවලට ද අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කර සිටින්නේ.