පුහුණුවන ගුවන්නියමු ශලින්ද ගේ දේහය නිවසට. අවසන් කටයුතු හෙට.

December 17, 2020 at 6:34 PM

සිය ගුවන් නියමු පුහුණුවේ අවසන් පරීක්ෂණ වාරය වෙනුවෙන් සහභාගි වෙමින් සිටියදී  අවාසනාවන්ත ලෙස දිවිගමනට සමුදුන් කෑගල්ල රුවන්වැල්ල මාපිටිගම පදිංචි ශාලින්ද අමරකෝන් ගේ දේහය ගෝනගල මාපිටිගම පිහිටි ඔහුගේ නිවසට රැගෙන එනු ලැබීය.

කැගලු විද්‍යාලයේ කීර්තිමත් ආදිසිසුවෙකු වූ ඔහු පෙරේදා චීනවරාය කඳවුරෙන් ගුවන්ගතවූ යානයේ අනතුරින් ජීවිතක්ෂයට පත්විය.