ශ්‍රී ලන්කන් සේවකයින් 08කට කොරෝනා

December 17, 2020 at 4:18 PM

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිහිටි ශ්‍රී ලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවයේ නියුතු පුද්ගලයින් 08 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම තහවුරු කර සිටිනවා.

ශ්‍රී ලංකන් කේටරින් අංශයේ සේවයේ නියුතු එක් සේවකයෙකු පසුගිය සඳුදා දින කොවිඩ් ආසාදිතයෙකු බවට පළමුව හඳුනා ගෙන ඇති බවත් ඒ අනුව ඔහු ඇසුරු කළ තවත් සාමාජිකයින් හත් දෙනෙකුට සිදුකළ පරීක්ෂණ අනුව ඔවුන් කොවිඩ් ආසාදිතයින් බවට අද දිනයේදී තහවුරු කර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම තහවුරු කර සිටින්නේ.

මේ වන විට ආදාල කොවිඩ් ආසාධනය වී ඇති සේවකයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් වන සෙසු කාර්ය මණ්ඩලයේ සේවකයින් PCR පරීක්ෂණවලට භාජනය කර ඇත.

දැනට පවතින ගෝලීය වසංගතය තුළ ඉහළම ආහාර සුරක්‍ෂිතතාව සහ ගුණාත්මක ප්‍රමිතීන් පවත්වා ගෙන යාම, ගුවන් ගමන් වලදී මෙන්ම සාමාන්‍ය පරිභෝජනය සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදනය සඳහා වන ජාත්‍යන්තර මාර්ගෝපදේශ අනුගමනය කිරීම හා ඊට අදාළ ක්‍රියා පටිපාටි පිළිපැදීම මෙන්ම සහතික කිරීම සඳහා ශ්‍රීලංකන් කේටරින් සැමවිටම කටයුතු කරන බවයි එම සමාගම සඳහන් කරන්නේ.

ආයතනය තුළවෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජයේ COVID-19 සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව ශ්‍රමබලකාය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රීලංකන් කේටරින් සෑම පියවරක්ම ගෙන ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.