මහර මරණ ගැන වාර්තාවක්. වෙඩි වැදීමෙනුත් මියගිහින් බව හෙළිවේ.

December 16, 2020 at 11:58 AM

මහර බන්ධනාගාර රැඳවියන් 4 දෙනෙකු මියගොස් ඇත්තේ වෙඩි වැදීම්වලින් බව විද්වත් මණ්ඩලයක් මගින් කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

නීතිපති දෙපාර්තමේන්තුව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට මේ බව දන්වා‌ තිබේ.

එම මහර බන්ධනාගාර නොසන්සුන්තාවේදී මියගිය රැඳවියන්  ගේ සිරුරු භූමදානය කිරීමට අවසර දෙන්නේද යන්න පිළිබඳ වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ තීරණය ද අද  ලබාදීමට නියමිත ය.