“මම කාලී : ඔබේ අම්මා, මගේ ඖෂධයට ඇයි අගෞරව කළේ?” කොවිඩ් පැණිය හැදු ධම්මික බණ්ඩාර අටමස්ථානාධිපති හිමියන් ගෙන් විමසයි (VIDEO)

December 16, 2020 at 11:23 PM

කොවිඩ් වෛරසය සුව කිරීම සඳහා දේශීය ඖෂධයක් නිපදවූ බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර නම් පුද්ගලයා තමන් නිපදවු ඖෂධය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පුජා කිරීමට යාමට ඉඩ නොදීම හේතුවෙන් අද උණුසුම්කාරි තත්ත්වයක් ඇතිවූවා.

තමන් නිපදවූ එම ඖෂධය රැගෙන අටමස්ථානාධිපති අති පුජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැ දැකීමට පැමිණි ඔහු එය උන්වහන්සේට පිළිගන්වනු ලැබුවා.

පසුව එය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පුජා කිරීමට අවශ්‍ය බව දැනුම් දුන් අතර ඊට ඉඩ ලබාදීමට නොහැකි බවට සිදුකළ දැනුම් දීමත් සමග නොසන්සුන්තාවයක් ඇතිවූ බවයි වාර්තා වන්නේ.

පසුව විශේෂ අවසරයක් මත අටමස්ථාන විහාරයේ භික්ෂුන් වහන්සේ නමක් දැනුම් දී සිටියේ පැමිණ සිටි පිරිස අතරින් ධම්මික බණ්ඩාරට සහ ඔහුගේ ආවතෙවකරුවෙකුට පමණක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසලට ගොස් අදාළ ඖෂධය පුජා කිරීමට ඉඩ සලසා දිය හැකි බවයි. ඒ අනුව ඔහු විසින් සිය ඖෂධය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පුජා කරනු ලැබුවා.

එම කටයුතු අවසන් වීමෙන් පසු ධම්මික බණ්ඩාර විසින් අටමස්ථානාධිපති අති පුජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැ දැකීමට යලි පැමිණ විමසා සිටියේ ලෝකයම වෙලාගෙන සිටින කොවිඩ් වෛරසයෙන් ජනතාව බේරා ගැනීම සඳහා තමන් නිපදවූ මෙම ඖෂධය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පුජා කිරීමට එරෙහිව විරෝධය පළකලේ ඇයිද යන්නයි.

” ඇයි ඔබවහන්සේ මගේ ඖෂධයට අගෞරව කලේ. මම කාලි. මම ඔබවහන්සේගේ අම්මා” අටමස්ථානාධිපති හිමියන්ට ආමන්ත්‍රණය කරනු ලබන අයුරු මෙසේ කැමරාවේ සටහන්වී තිබුණා.