සල්ලි අල්ලන්න එපා!

December 15, 2020 at 1:10 PM

මුදල් වෙනුවට ඩිජිටල් බැංකු සේවා උපකරණ භාවිත කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පොදුජන බැංකු සේවක පෙරමුණ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

එම බැංකු සේවක පෙරමුණේ ලේකම් සංජය රත්මනගොල්ල මහතා කියා සිටියේ මුදල් ලබාගැනීමට ඩිජිටල් මෙවලම් පාවිච්චි කරන ලෙසයි .

ඒ ටී එම් (ATM) , සී ඩී එම් (Cash deposite Mechine ),  online banking  වැනි  ක්‍රම භාවිත කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිති

මැනිං වෙළඳපොලේත් මත්ස්‍ය වෙළෙඳ පොළේ කොරෝනා ව්‍යාප්ත වුණේ මුදල් මඟින් බව ඔවුන් සිහිපත්කරති.