හිටපු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරූෆ් අත්අඩංගුවට

December 15, 2020 at 10:51 AM

හිටපු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරූෆ් ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ දී අද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. ඒ, 2015 -2019 යන කාල සීමාවේදී ලංකා සතොස සමාගමට අයත් වාහන අවභාවිතා කිරීමේ චෝදනාවටයි.

අබ්දුල්ලා මහරූෆ් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂය නියෝජයනය කරනු ලබනවා.

එමෙන්ම පසුගිය රජය සමයේ සතොස ආයතනය භාරව සිටියේ ද රිෂාඩ් බදුර්දීන් හිටපු අමාත්‍යවරයායි.