පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගෙන් පොලිසියට විශේෂ දැනුම් දීමක්

December 15, 2020 at 1:54 PM

පොදු ප්‍රවාහනයේදී අසුන් ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යා යුතු බවත් ධාවනය වන අවස්ථාවේදී කිසිදු මගීයෙකු සිටගෙන ගමන් නොකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කර සිටිනවා.

මගී පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහන සම්බන්ධයෙන් විශේෂ උපදෙස් අඩංගු ලිපියක් පොලිස්පතිවරයා වෙත යොමු කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් මේ බව සඳහන් කර සිටිනවා.

මෙම නීති කඩ කරන්නන් හට 1897 අංක 03 දරණ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සිය ලිපිය මගින් පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත්තේ.