පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හෙට විවෘත කෙරේ

December 15, 2020 at 12:19 PM

පෑලියගොඩ තොග මත්ස්‍ය වෙළෙද සංකීර්ණය හෙට දිනයේ සිට යළි විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව ධිවර අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

දැඩි සෞඛ්‍ය නීති රෙගුලාසිවලට යටත්ව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙදාම් කටයුතු සිදුකරන බවයි ධිවර අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.

කොවිඩ් ආසාදිතයින් 48 දෙනෙකු වාර්තා විමත් සමග පසුගිය ඔක්තෝම්බර් මස 22 වෙනිදා සිට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගනු ලැබුවා.