පානදුර සහ මොණරාගල පිහිටි ප්‍රදේශ 03ක් හුදෙකලා කෙරේ

December 15, 2020 at 8:56 PM

පානදුර, තොටවත්ත ප්‍රදේශය සහ මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි බඩල්කුඹුර සහ අළුපොත යන ප්‍රදේශ දෙක වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරා ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් වාර්තා විමත් සමග මෙම පියවර ගත් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටින්නේ.

මේ අතර අද දිනයේ මේ දක්වා මෙරටින් කොවිඩ් වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 622 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.