යුනිටි ප්ලාසා වසා දැමේ : ඊයේ දිනයේදී දිස්ත්‍රික්ක 19කින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වෙයි

December 15, 2020 at 11:47 AM

බම්බලපිටිය යුනිටි ප්ලාසා වෙළෙද සංකීර්ණයෙන් කොවිඩ් ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වී ඇති අතර එහි සියළු වෙළෙඳසැල් වසා තැබීමට කටයුතු යොදා ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

මේ අතර ඊයේ දිනයේදී මෙරට දිස්ත්‍රික්ක 19 කින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

ඊයේ දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගෙන් 200 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. ඉන් ආසාදිතයින් 58 දෙනෙකු බොරැල්ල මැගසින් බන්ධනාගාරයෙන් වාර්තා වී ඇති බවයි කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මිට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් 113ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 117ක්, මුලතිව් දිස්ත්‍රික්කයෙන් 55ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 48ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 38ක් සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් 28ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.