මෙරටදී කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරූ භූමදානය කිරීමට මාලදිවයින දුපතක් වෙන් කරයි  

December 14, 2020 at 2:24 PM

මෙරට මුස්ලිම් ප්‍රජාව විසින් දිගින් දිගටම සිදුකරනු ලබන ඉල්ලීම් ගැන අවධානය යොමු කිරීමෙන් අනතුරුව මෙරට දී කොවිඩ් වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරූ භූමදාන කිරීමට මාලදිවයින රජය ඉදිරිපත් වී ඇති බව “ඩේලි මිරර්” පුවත්පත වාර්තා කරයි.

මුස්ලිම් කොවිඩ් වින්දිතයින්ගේ ආදාහනය සිය ආගමික විශ්වාසයන්ට පටහැනි බවට මුස්ලිම් ප්‍රජාව චෝදනා කර සිටියි.

ඩේලි මිරර් පුවත්පතට අනුව මාලදිවයින රජය ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට නිල ප්‍රකාශයක් මගින් සිය ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ විදේශ අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ මාර්ගෝපදේශයක් සකස් කර එවැනි ඉල්ලීමක් කළ හැකි ආකාරය පිළිබඳව සොයා බලන ලෙසයි.

මාලදිවයින දූපත් ගණනාවකින් සමන්විත බව පෙන්වා දුන් වෛද්‍ය හේමන්ත හේරත්, කෝවිඩ් වින්දිතයින් භූමදානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සමාන කිසිදු ගැටලුවකට රට මුහුණ නොදෙන බව පැවසීය.

කෝවිඩ් ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ සිරුරූ භූමදානය සඳහා එක් දූපතක් වෙන් කිරීමට මාලදිවයින් රජය යෝජනා කර ඇති අතර එහි ප්‍රථිපලයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය එවැනි ක්‍රියාවලියක ප්‍රායෝගිකභාවය පිළිබඳව අධ්‍යයනය කරනු ඇතැයි වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ.

වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් සිටියේ මේ පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් අවසන් කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

ඩේලි මිරර් පුවත්පතට අනුව, කොවිඩ් වින්දිතයින්ගේ භූමදානය සඳහා ශ්‍රී ලංකාව තුළ අඩු ජල මට්ටමක් සහිත ඉඩමක් සොයා ගන්නා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය සතියේ සෞඛ්‍ය විශේෂඥයින් ගෙන් ඉල්ලීමක් කර සිටියා.