වැල්ලවත්තේ මයුර පෙදෙස ඇතුළු ප්‍රදේශ කිහිපයක් හෙට සිට ලොක්ඩවුන්

December 13, 2020 at 6:22 PM

කොළඹ නගරයේ හුදෙකලා කොට තිබු මහල් නිවාස 04ක් හෙට උදෑසන 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදා හැරීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

ඒ අනුව හෙට උදෑසන 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදා හැරෙන මහල් නිවාස පහත දැක්වේ :

සිරිසඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය, සිරිමුතු උයන, ලක්හිරු සෙවණ සහ සිරිසර උයන.

ගම්පහ දිස්ත්‍රික්කය :

වත්තල පොලිස් වසමේ :-

කෙරවලපිටිය ග්‍රාම නිලධාරි වසම, හේකිත්ත ග්‍රාම නිලධාරි වසම, කුරුඳුහේන ග්‍රාම නිලධාරි වසම, ඇවරිවත්ත ග්‍රාම නිලධාරී වසම, වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරි වසම.

පෑලියගොඩ පොලිස් බලප්‍රදේශය :-

පට්ටිය උතුර ග්‍රාම නිලධාරි වසම.

මේ අතර හෙට උදෑසන 5.00 සිට පහත සඳහන් ප්‍රදේශ අළුතින් හුදෙකලා කරන ප්‍රදේශ පහතින් දැක්වේ.

කොළඹ දිස්ත්‍රික්කය :-

වැල්ලවත්ත පොලිස් බලප්‍රදේශයේ මයුර පෙදෙස.

වත්තල පොලිස් බල ප්‍රදේශය :-

කෙරවලපිටිය ග්‍රාම නිලධාරි වසමේ නයිදුව ප්‍රදේශය.

වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරි වසමේ දුවේ වත්ත ප්‍රදේශය.

පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශය:-

පට්ටියමුල්ල ග්‍රාම නිලධාරි වසමේ රෝහණ විහාර මාවත.

කිරිබත්ගොඩ පොලිස් බලප්‍රදේශය:-

හුණුපිටිය උතුර ග්‍රාම නිලධාරී වසමේ වැදිකන්ද ප්‍රදේශය.

නිට්ටඹුව පොලිස් වසම:-

තිහාරිය උතුර සහ තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම් වල වාරණ පන්සල පාර, කන්තොට පාර සහ හිද්‍රා මාවත.

කළුතර දිස්ත්‍රික්කය :-

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වේගන්ගල්ල නැගෙනගිර සහ වේගන්ගල්ල බටහිර ග්‍රාම නිලධාරි වසම් සහ කුඩා හීනටියන්ගල ග්‍රාම නිලධාරි වසමේ මරික්කාර් විදිය.