අධිකරණ අමාත්‍යාංශය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට රැගෙන යාම නවතී

December 12, 2020 at 2:48 PM

අධිකරණ අමාත්‍යාංශය තාවකාලිකව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ස්ථාපිත කිරිමට ගනු ලැබූ තීරණය අත්හිටුවීමට තීරණය කර ඇති බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ඒ වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය පුළුල් කිරිමේ කටයුතු සඳහා වෙනත් විකල්ප සුදුසු ස්ථානයක් ඇති කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මේ වන විට කටයුතු යොදමින් ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එම මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.