12 වසරකට පසු “පොදු සමාව” යටතේ හිරෙන් නිදහස ලැබූ අයියා තම මල්ලිව ඝාතනය කොට පොලිසියට භාර වෙයි

December 12, 2020 at 11:50 AM

මිනීමැරුමකට වරදකරු වී අවුරුදු 12 ක සිරදඬුවම් විඳීමින් සිට පොදුසමාව යටතේ පසුගිය නොවැම්බර් 30 වැනිදා සිරෙන් නිදහස්ව නිවසට පැමිණි සැකකරුවකු ඉකුත් 08 දා රාත‍්‍රියේ බහින්බස් වීමකින් පසුව තම සහෝදරයාට පොල්ලකින් පහරදී මරා දමා එදිනම තඹුත්තේගම පොලිසියට භාරවී ඇත.

තඹුත්තේගම ගම්මාන 7 පදිංචි අධිකාරි මුදියන්සේලාගේ ෂෙල්ටන් කුමාර (53) නමැත්තා සැකකරු වේ. මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ තඹුත්තේගම ගම්මාන 7 පදිංචිව සිටි අධිකාරි මුදියන්සේලාගේ ප‍්‍රියන්ත කුමාර (37) නමැත්තාය. සිය මහගෙදර ඇඳක් අසලදී සැකකරු තම සහෝදරයාට පොල්ලකින් පහර දී මරා දමා ඇත.

තඹුත්තේගම පොලිසිය සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වයි.