තවත් කොවිඩ් ආසාදිතයින් 632ක් – සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 32,000 ඉක්මවයි

December 12, 2020 at 7:54 PM

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 632ක් හමුවී තිබෙනවා. ඉන් 81 දෙනෙකු බන්ධනාගාර තුලින් හමුවී ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 32007ක්. ඉන් 8,556 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 23,304ක් වන අතර සිදුවූ මරණ සංඛ්‍යාව 147ක්.

මේ වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 28,379ක්.