ඉතාලියේ පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය වසා දමයි

December 11, 2020 at 10:42 AM

ඉතාලියේ මෙරට කොන්සල් ජනරාල් කාර්යාලය අද සිට ලබන 15 වන දා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ, එම කාර්යාලයට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව දැන ගැනීමත් සමඟයි.

පසුව කාර්යාලය විෂබීජ හරණය කර ඇති අතර, කාර්ය මණ්ඩලය ඉදිරියේදී පී සී ආර් පරීක්ෂණයකට යොමු කිරීමටයි නියමිතව ඇත්තේ.

ඒ අනුව කොන්සල් ජනරාල් කාර්යාලය විවෘත කිරීම සම්බන්ධයෙන් 15වන අඟහරුවාදා දිනයේ නිවේදනය කරනු ඇති.

වසා දැමෙන කාලය තුළ මරණ හෝ ඉතාමත් හදිසි කන්සියුලර් කටයුතු වේ නම් උදෑසන 9.30 සිට 4.30 අතර කාලය තුළ 388 724 90 16 යන දුරකථන අංකයට අමතන ලෙසටයි එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙන්නේ.