කොවිඩ් නිසා වසා දැමු මහනුවර පාසැල් 42ක් සඳුදා සිට විවෘත කිරීමට පියවර

December 11, 2020 at 11:52 AM

කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මහනුවර නගර සභා බලප්‍රදේශයේ වසා දැමු පාසැල් 45 කින් 42ක් ලබන සඳුදා සිට යළි විවෘත කිරිමට නියමිත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ පවසනවා. සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම පාසැල් යලි විවෘත කිරීමට අවශ්‍ය කටයුතු කර ඇති බවයි මෙහිදී ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටියේ.

කලෙයිනගර් විද්‍යාලය, තක්ෂිලා විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය හැර මහනුවර නගර සභා සිමාවේ පිහිටි සෙසු පාසැල් 42 විවෘත කෙරෙන බවයි ආණ්ඩුකාරවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

දරුවන් පාසැල් රැගෙන ඒමේදී සහ රැගෙන යාමේදී දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් දෙමව්පියන් කටයුතු කිරීම වැදගත් බවද මෙහිදී ආණ්ඩුකාරවරයා සඳහන් කර සිටියා. එමෙන්ම නිවාඩු සමයේදී දිස්ත්‍රික්කය පුරා පාසැල් දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බවද මෙහිදී ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියා.